1973 RR Captain

සුහද තරග මෙන්ම තරගකාරී තරග කිහිපයකින්ම පදම් වුණු ධර්මරාජ රග්බි කණ්ඩායමේ සුක්කානම 1973 වසරේදී හිමි වන්නේ උපාලි මායාදුන්නේ හටයි. විශේෂ කරුණු කිහිපයක් නිසාම 1973 වසර ධර්මරාජයට ඉතාමා වැදගත් වෙනවා.
නවක රග්බි කණ්ඩායමක් වුණු ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ (SLRFU) ලියා පදිංචි වුණේ 1973 වසරේදී වීම නිසයි. මේ උදෙසා උපාලි ප්‍රමුඛ එවකට ධර්මරාජ රග්බි ක්‍රීඩකයින් හා ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවට ආදරය කළ සියලු දෙනා ඉමහත් වෙහෙසක් දරනවා.
උපාලි මායාදුන්නේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමේ ද නායකත්වය දරනවා. පාසල් වියේදී ශිෂ්‍යභට බලකායේ සාමාජිකයෙක් වුණු ඔහු පාසලෙන් පසුවත් යුධ හමුදා රග්බි කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන්නේ ධර්මරාජයේ රග්බි ක්‍රීඩාව පිළිබඳව පණිවුඩයක් වෘත්තියමය රග්බි පිටියටත් රැගෙන යමිනුයි.