1997 RR Captain

ධර්මරාජය 1997 වසරට පිවිසෙන්නේ නව නායකයෙක් සමඟිනුයි. 1997 වසරේ ධර්මරාජ රග්බි කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ සංජීව ඩයස්.
ප්‍රාථමිකයේ පොඩ්ඩෙක් ලෙස රග්බි ක්‍රීඩා කරන සංජීව ඩයස් කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට ඇළුම් කරනවා. රග්බි ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් ඉතා ප්‍රිය කළ ඔහු පාපන්දු ක්‍රීඩාවට දැක්වූ දක්ෂතාව නිසාම වරෙක ධර්මරාජ පාපන්දු කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා.
පාපන්දු ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවට ද ලැදි කමක් දැක්වූ ඔහු ධර්මරාජයේ මලල ක්‍රීඩා කණ්ඩායමට ද සිය නායකත්වය ලබා දෙන්නේ සිය සහෝදර මලල ක්‍රීඩකයින්ට ද සවියක් වෙමිනුයි. නායකත්වයේ ගති ගුණ මනාව පිළිබිඹු කළ ඔහු ක්‍රීඩා පිටියෙන් ලද පන්නරය නිසාම ධර්මරාජයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස ද ධර්මරාජයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ද කටයුතු කරන්නට ඔහුට අවස්තාව හිමි වෙනවා.
වසර හතරක් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු 1997 වසරේදී කණ්ඩායම භාරගත්තේ අත්දැකීම් බහුල මෙන්ම නවක ක්‍රීඩකයින් රැසකගෙන් ද සමන්විත වූ දක්ෂ ක්‍රීඩකයින් රැසක් සමඟිනුයි.
සුධීර සිල්වා, සංජය සපරමාදු, පින්නදූව, ගාල්ලගේ වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් 1997 කණ්ඩායමේ සිටි බව සංජීව ඩයස්ගේ මතකයේ සටහන් වී තිබෙනවා.
ධර්මරාජයේ රග්බි කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාවය නිසා පාසල් වර්ණ දිනාගන්නට ද ඔහු සමත් වුණා. එමෙන්ම මලල ක්‍රීඩාවන්ට අති දක්ෂයෙක් වුණු සංජීව ඩයස් මලල ක්‍රීඩාවලින් දාගැබද දිනා ගන්නවා. පාසලෙන් නික්මුණු සංජීව ඩයස් පසුව CR & FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කරන්නේ ධර්මරාජයෙන් ලද පන්නරය ක්‍රීඩා සමාජය තරග බිමට ද රැගෙන යමිනුයි.
නායකයෙක් ලෙස රග්බි ක්‍රීඩාවෙන් මෙන්ම අනෙක් අංශයන්ගෙන් ද සංජීව ඩයස් ධර්මරාජයේ තැබූ මතක සටහන් අමරණීයයි.